වර්ෂාවෙන් දුම්රිය ධාවනයට බාධා

වර්ෂාවෙන් දුම්රිය ධාවනයට බාධා

October 12, 2024   04:06 pm

වර්ෂාව හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

ඒ අනුව එම මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ලුනුවිල දක්වා පමණක් සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද (12) දහවල් 01 සිට යළි දැනුම්දෙන තුරු දුම්රිය ධාවන කටයුතු ලුනුවිල දක්වා සිදුකරන බව වැඩිදුරටත් වාර්තා වෙයි.