කැනඩාව සහ ඉන්දියාව යළිත් පැටලෙයි ?
සයුරෙන් එතෙර

කැනඩාව සහ ඉන්දියාව යළිත් පැටලෙයි ?

October 12, 2024   05:37 pm

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හමුවූ අවස්ථාවේදී කැනේඩියානුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කළ බවට කැනඩා අගමැති කළ ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ. 
 
ආසියාන් සමුළුවට සමගාමීව ලාඕසයේදී මෙම හමුව සිදුවී ඇති අතර එහිදී නායකයන් දෙදෙනා සුබපැතුම් හුවමාරු කරගෙන ඇත.

ඉන්දීය බලධාරීන්ගේ අනුදැනුම මත කැනඩාවේදී ඝාතනය කළ බව කියවෙන, සික් බෙදුම්වාදී නායකයාගේ මරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයන් අතර මෙම මතගැටුම් ආරම්භ වී තිබුණි.