නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

October 12, 2024   05:58 pm

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (12) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත. 

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න

කොළඹ දිස්ත්‍රික්කය - සීතාවක, ⁠පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට, හොරණ, ⁠ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත

ගාල්ල දිස්ත්‍රික්කය - ඇල්පිටිය, බද්දේගම, නෙළුව, නාගොඩ

ගම්පහ දිස්ත්‍රික්කය - අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය - රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක

රත්නපුර දිස්ත්‍රික්කය - ඇහැළියගොඩ, කිරිඇල්ල , ⁠අයගම, ⁠ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත්වන්න      

බදුල්ල දිස්ත්‍රික්කය - ඇල්ල, හාලිඇල, පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය - යක්කලමුල්ල, නියාගම, ඉමදූව,

කළුතර දිස්ත්‍රික්කය - බේරුවල

කෑගල්ල දිස්ත්‍රික්කය - ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය - නාරම්මල, පොල්ගහවෙල, අලව්ව

නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය - කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, ⁠නිවිතිගල

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල අද (12) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි අද පස්වරු 4ට නිකුත් කළ නිවේදනයේ ඒ බව දැක්වෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකි බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.