චීනය ගැන අමෙරිකාව විපරමින්
සයුරෙන් එතෙර

චීනය ගැන අමෙරිකාව විපරමින්

October 12, 2024   03:32 pm

දකුණු චීන මුහුදේ චීන ව්‍යාප්තවාදය ගැන අමෙරිකාව කනස්සල්ලෙන් සිටින බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසා තිබේ.

ලාඕසයේ පැවැත්වෙන් ආසියාන් සමුළුවට සහභාගී වී සිටි ආසියානු නායකයින් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.

කෙසේවෙතත් අමෙරිකාව ජල මාර්ගවල නාවික නිදහස තහවුරු කරන බවට ද ඔහු පවසා තිබේ.

අමෙරිකාව පෙන්වා දෙන්නේ චීනය විසින් වියට්නාමය, පිලිපීනය, මැලේසියාව තායිවානය ඇතුළු රටවල් සමග අර්බුදයකාරී තත්ත්වයන් වාර්තා වෙන බවය.