සඟවා තිබූ ජීප් රථ 2ක් සොයාගනී

සඟවා තිබූ ජීප් රථ 2ක් සොයාගනී

October 12, 2024   03:31 pm

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකර විසින් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ පාරේ නිවසක සඟවා තිබූ ව්‍යාජ අංකයක් යොදන ලද පැජරෝ වර්ගයේ ජිප් රථයක් සැකපිට පොලිස් භාරයට ගෙන ඇත.

තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

මේ අතර 1997ට ලද තොරතුරකට අනුව බෙලිඅත්ත ගැටමාන්න කොස්ගස්ලන්ද ප්‍රදේශයේ නිවසක තිබී චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් කලු පැහැති ලෑන්ඩ් කෘසර් ජීප්රථයක්ද බෙලිඅත්ත පොලීසිය සිය භාරයට ගෙන ඇත.