භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් දෙදෙනෙක්ට
සයුරෙන් එතෙර

භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් දෙදෙනෙක්ට

October 8, 2024   04:04 pm

භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිකර ගැනීමට ජෝන් හොප්ෆීල්ඩ් සහ ජෙෆ්රි හින්ටන් සමත්වී තිබේ.

හොප්ෆීල්ඩ් සිය පර්යේෂණ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සිදුකර ඇති අතර හින්ටන් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ කටයුතු කරයි.

මෙම විද්‍යාඥයින් දෙදෙනා සංඛ්‍යාන භෞතික විද්‍යා ක්‍රමවේද භාවිතයෙන් සිය සොයා ගැනීම් සිදුකර ඇති බව මෙම ත්‍යාගය පිරිනමනු ලබන රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමියේ නොබෙල් කමිටුවේ සාමාජික එලන් මූන්ස් පවසා තිබුණි.

බ්‍රිතාන්‍යයේ උපන් මේ වනවිට කැනඩාවේ ජීවත් වන මහාචාර්ය හින්ටන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙයි.

77 හැවිරිදි මෙම පරිගණක විද්‍යාඥයා 2013 සිට 2023 දක්වා ගූගල් සමාගමේ සේවය කර තිබුණි.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ඇති අවදානම සම්බන්ධයෙන් කරුණු හෙළිකරමින් ඔහු එම සමාගමෙන් ඉවත්විය.
 
මේ අතර 91 හැවිරිදි හොප්ෆීල්ඩ් අමෙරිකානු ජාතිකයෙකි.

ඔහුද කෘත්‍රිම ජාල සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන විද්‍යාඥයෙකි.