මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි 

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි 

October 4, 2024   11:57 am

2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (04) ආරම්භ විය. 

මැතිවරණ කොට්ඨාස විසි දෙකට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු ඇරඹිණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් 196 දෙනෙකු මැතිවරණ දිස්ත්‍රික්ක 22 තෝරා පත්කර ගැනෙයි. 

සෙසු මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරාගනු ලබනනේ, එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව ය. 

නාමයෝජනා භාරගැනීම අවසන් වන්නේ, ඔක්තෝබර් 11 වැනිදා මධ්‍යහ්න 12ට ය.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, නාමයෝජනා භාරගැනීම අවසන් වන දිනයේ පෙළපාලි යෑම සහ මාර්ගවල අනවශ්‍ය ලෙස එක්රැස්වීම තහනම් බවයි. 

2024 මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙයි.