ලෙබනනයේ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්

ලෙබනනයේ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්

October 4, 2024   02:22 pm

ලෙබනනය සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම මේ මොහොතේ සිදුනොකරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙරට සිටින ඥාතීන්ට තම ඥාතීන් සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් වේ නම් 1989 අංකය ඇමතීමෙන් තොරතුරු දැනගැනීමේ හැකියාව ඇති බවයි.

මැද පෙරදිග රටවල් වෙත ශ්‍රමිකයින් බඳවා ගැනීම සහ ලියාපදිංචිය පිළිබඳව කළ විමසීමකදී ඔහු මෙලෙස අදහස් දැක්වීය.

"ඊශ්‍රායලයේ හෝ ලෙබනනයේ සේවය කරන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් මේ යුදමය තත්ත්වය තුළ ඇතිවෙලා නැහැ. ඊශ්‍රායල රජය සීමාවන් පනවලා තිබෙනවා මේ වනවිට. ලබාදෙන ආරක්ෂිත විධිවිදානවලට අනුගතවෙලා සියළු දෙනාම කටයුතු කරන්න ඕන. 

මෙරට සිටින ඥතීන්ට හැකියාව තිබෙනවා තමන්ගේ ඥාතියා සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් තිබෙනවානම් 1989 අංකයට කථා කරලා අපට දැනුම් දෙන්න.  

ලෙබනනය සඳහා ශ්‍රමිකයින් බඳවාගැනීම නැතිනම් ලියාපදිංචි කිරීම මේ මොහොතේ සිදුකරන්නේ නැහැ. කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට මේ අවස්ථාවේ ලංකාවට පැමිණීමට අවශ්‍යනම් ඔවුන්ට හැකියාව තිබෙනවා තානාපති කාර්යාල හා සම්බන්ධවෙන්න. MIDDLE EAST ගුවන් සේවය ඔස්සේ  මෙරටට පැමිණීමට හැකියාවක් තිබෙනවා. නමුත් ගුවන්ගමන් ගාස්තු ඉහළ අගයක් ගන්නවා. මොකද ඉල්ලුම වැඩි නිසා".