පාකිස්තානය IMF වෙතින් තවත් මුදල් ඉල්ලයි
සයුරෙන් එතෙර

පාකිස්තානය IMF වෙතින් තවත් මුදල් ඉල්ලයි

September 28, 2024   03:29 pm

පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, දේශගුණික විපර්යාස හේතුවෙන් රට තුළ ඇති වන බලපෑම්වලට මුහුණදීම සඳහා ය.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා  ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා හමුවී මෙම ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.