නිවසේදී පිළිස්සී අයෙක් මරුට

නිවසේදී පිළිස්සී අයෙක් මරුට

September 28, 2024   04:38 pm

නිවසක් තුළ ඇතිවූ ගින්නකට මැදිවීමෙන් 44 හැවිරිදි පුද්ගලයෙක් පිළිස්සී මියගොස් තිබේ.

අද (28) අලුයම එම සිදුවීම වාර්තවී තිබුණේ, හලාවත කොස්වත්ත, තුන්මෝදර, නාත්තණ්ඩිය ප්‍රදේශයේදීය.

මරණකරු ඉදිකරමින් පවතින තම නිවසේ කාමරයක් තුළ තනිව පදිංචිව සිට ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හලාවත, කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.