හර්ෂ අනුරට සුබ පතයි

හර්ෂ අනුරට සුබ පතයි

September 22, 2024   07:09 am

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

සිය පණිවුඩයේ ඔහු සඳහන් කරන්නේ "අපි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළා. නමුත් දැන් පැහැදිලියි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර  දිසානායක බව. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සහ යහපත් සිතින් මම ඔහුට කතා කර සුබ පැතුවා." යනුවෙනි.