බ්‍රැඩ්බි පළිහ ත්‍රිත්ව විද්‍යාලයට

බ්‍රැඩ්බි පළිහ ත්‍රිත්ව විද්‍යාලයට

September 7, 2024   07:59 pm

2024 සඳහා බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම අද (07) සමත්වුණි.

ඒ 78වැනි බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පල්ලෙකැලේ පැවති දෙවන අදියරේ තරගය ලකුණු 25ට 23ක් ලෙස ජයගනිමිනි.

මෙවර බ්‍රැඩ්බි පළිහ පළමු අදියරත් ත්‍රිත්ව විද්‍යාලය ජයගත් අතර අදියර දෙකේම සමස්ත ලකුණු ප්‍රමාණයට අනුව 42ට 39ක් ලෙස මෙවර බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත්වුණි.