ප්‍රතික්ෂේපයට ලැබුණු ගුටිය

ප්‍රතික්ෂේපයට ලැබුණු ගුටිය

September 16, 2024   04:33 pm

අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ට එම අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙක් පහරදී ඇති බව නාවලපිටියෙන් වාර්තා විය.

අප වාර්තාකරු පැවසුවේ, සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායකවරයා විසින් එම පහරදීම සිදුකර ඇති බවය.

එම පුද්ගලයාට පහර දෙන අයුරු එම වෙළෙඳසැලේ සවි කරතිබු ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණි.

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගේ පුත්‍රයාට මෙසේ පහර දී ඇති අතර, මෙම පහරදිම සිදුකර ඇත්තේ ඊයේ (15) උදැසන 11ට පමණ ය.

සජබ නාවලපිටිය ආසන සංවිධායකවරයා ආධාරකරුවන් පිරිසක් සමග එම වෙළෙඳසැල තුළ ට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබාදී ඇත.

එම අවස්ථාවේ අත්පත්‍රිකාව ලබා ගැනීම තරුණයා ප්‍රතික්ෂේප කර තිබුණි.

පහර කැමෙන් පසු එම තරුණයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබා එම රෝහලේ පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් කර අද (16) දින රෝහලෙන් පිටව ගොස් ඇත.