ෆේස්බුක් සාදයක් වටලා 14ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයක් වටලා 14ක් අත්අඩංගුවට

September 16, 2024   04:44 pm

ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන් ඊයේ (16) දියත්කළ ඒකාබද්ධ මෙහෙයුමකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

කඩවත නගරයේ හෝටලයක එම ෆේස්බුක් සාදය සංවිධානය කර තිබුණි.

එම සාදය සඳහා ප්‍රදේශ රැසකින් තරුණයන් හා තරුණියන්ද එක්ව සිටි බව වාර්තා වෙයි.

එසේ සාදයට එක් වූ තරුණයන් පිරිසක් හෝටලයේ කාමර වෙන් කර ගෙන කාමර ඇතුළත නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතකරමින් සිටියදී සුරාබදු නිලධාරින් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයන් අයිස් හා කොකේන් යන මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට කරුණු අනාවරණය වී තිබුණි.

අත්අඩංගුවට ගත් තරුණයින් වයස අවුරුදු 19ත් 30ත් අතර වන බව සුරාබදු නිලධාරීන් පැවසීය.