මේක විකාර දේශපාලනයක් -දිලිත්

මේක විකාර දේශපාලනයක් -දිලිත්

September 16, 2024   05:37 pm

වර්තමානය වනවිට රට තුළ පවතින්නේ විකාර රූපී දේශපාලනයක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අද (16) මොනරාගල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, ඇතැම් දේශපාලන නායකයින් වේදිකාවල එකිනෙකාට විහිළු සපයමින් සිටින බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු දිලිත් ජයවීර මහතා,

"දැන් කොරගත්තා මදැයි වෙනසක් ඉල්ලලා. දැන් වෙනසක් ලැබිලා තියෙනවා. ඔහු කියන්නේ එහෙමයි. ඒ නිසා මට දෙන්නලු... ඔහුගේ කල්‍යාණ මිත්‍රයා අනුර කුමාර ඔහුට ප්‍රසිද්ධියේ කල්‍යාණ මිත්‍රයා කියන්න එපාලු. ලංකාවේ හිටිය ප්‍රබලම කෘෂිකර්ම ඇමති තුමා වැඩිම ආයතන ගණනක් තමන්ගේ අමාත්‍යාංශයට තියන් හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර. කල්‍යාණ මිත්‍රයා වික්‍රමසිංහ මහත්තයාගේ. මොකද්ද කළේ, පහුගිය අවුරුදු දෙකේ ජීවන මට්ටම පහළටම වැටෙන කොට අර හැමදාම සුමානේට දෙසැරයක් ගාලු මුවදොරට ගෙනාපු පෙළපාලි එකක්වත් ආවද? එකකවත් ආවේ නෑ. එයාලා දෙන්නා කතා කරගෙන එක පෙළපාලියක් ආවා. ඒ විහාරමහා දේවී පාක් එකට ආවේ. පාර්ක් එකේ මුලට එද්දි යාළුවෝ දෙන්නා කතා කරගත්තා මට වතුර ගැහුවම මේ ගේට්ටුවෙන් යන්නම් කියලා. පෙළපාලියේ ආපු ජනතාව මේ පිටපත දන්නේ නැතුව ඉදිරියට ගියාම පොලීසියෙන් ගැහුවා. බලද්දි පිටපතින් පිට ගිහින් වැඩේ. මේ විකාර රූපී නාඩගම් දේශපාලනය තමයි අද තියෙන්නේ. මේ දෙන්නා වේදිකා දෙකකට නැඟලා දෙන්නට දෙන්නා විහිළු කරගන්නවා. හවසට අපි මේ විහිළු බලනවා."