එංගලන්ත පළමු ඉනිම ලකුණු 325කට සීමා වෙයි

එංගලන්ත පළමු ඉනිම ලකුණු 325කට සීමා වෙයි

September 7, 2024   06:09 pm

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඔවුන් තීරණය කළේ පළමුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දීමටය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළේය.

අද දිනයේදී එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 261ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වූ අතර ශ්‍රී ලංකා පන්දුයවන්නන් එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 64ක් තුළ දවාගැනීම කැපී පෙනුණි.

අද තරගයේ දෙවෙනි දිනයයි.