නව සන්ධානයේ දෙවෙනි රැලිය අද

නව සන්ධානයේ දෙවෙනි රැලිය අද

June 29, 2024   08:18 pm

රටේ මීළඟ ජනාධිපතිවරයා බිහි කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු එම අදහස් පළ කළේ, වැල්ලවායේ දී අද පැවති නව සන්ධානයේ ජන රැලිය අමතමිනි.

''දිනුම රටට එක්ව පෙරට'' තේමාවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ දෙවැනි රැලිය අද (29) පැවැත්වුණේ වැල්ලවාය නගරයේදී ය.

එම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු නව සන්ධානයේ නියෝජිතයින් මෙන්ම අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්විය.