විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමතිය

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමතිය

July 1, 2024   06:18 pm

වසර 28කට පසුව ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් 2024.06.25 දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම අනුමතිය ලබාදීම සිදුවිය.

නීතිපති දෙපාර්තමේන්තුව, තාක්ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම රැස්වීමට එක්වී තිබුණි. 

ඒ අනුව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරමින් අවශ්‍ය සියලු සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය. 

විදුලි සංදේශ සංඛ්‍යාත ලබා දීමේදී තරගකාරි ක්‍රමවේදයක් යටතේ  යාන්ත්‍රණයක් හදුන්වාදීම, ඊට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කිරීම, නව තාක්ෂණය පහසුවෙන් මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට හදුන්වාදීමට අවස්ථාව උදාවීම මෙන්ම මෙම ව්‍යපාරය සිදුකරන ආයතන මනා ලෙස නියාමනය කිරීමට හැකි බව නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුනි.