කෙහෙළියගේ ඇප ඉල්ලීම පිළිබඳ පෙත්සම සලකාබලයි

කෙහෙළියගේ ඇප ඉල්ලීම පිළිබඳ පෙත්සම සලකාබලයි

July 1, 2024   05:53 pm

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට (02) දින තෙක් කල් තැබුණි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබේ.

මෙම පෙත්සම අද (01) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මතභේදයට තුඩුදී තිබෙන අදාළ ප්‍රතිදේහ එන්නත් ප්‍රමාණවත් තොග සෞඛ්‍ය අමාත්‍යාංශය සන්තකයේ තිබියදී එම ඖෂධවල හිඟයක් පවතින බවට නොමග යවන ආකාරයේ තොරතුරු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.