කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

June 29, 2024   09:15 am

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු අක්ෂාංශ 06 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 70 ත් යන ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 70 – 80 තද සුළං පවතින බවය.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

අදළා නිවේදනය පහතින්,