ත්‍රස්ත ප්‍රහාර අවදානමක් - අමෙරිකානු හමුදා කඳවුරු සීරුවෙන්

ත්‍රස්ත ප්‍රහාර අවදානමක් - අමෙරිකානු හමුදා කඳවුරු සීරුවෙන්

July 1, 2024   03:13 pm

යුරෝපයේ පිහිටුවා ඇති අමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් සීරුවෙන් තැබීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඒ වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඇති අවදානම සලකමිනි.

මේ අනුව ඒවාට දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එලෙස අනතුරු අඟවා ඇත්තේ වසර 10කට පමණ පසුවය.

මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ හමුදා කඳවුරු අතරට ජර්මනියේ ශ්ටුට්ගාට් කඳවුර මෙන්ම ඉතාලියේ අවියානෝ ගුවන් හමුදා කඳවුර ද අයත් බව වැඩිදුරටත් සඳහන් වේ.