දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක් - 16ක් මරුට

දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක් - 16ක් මරුට

June 24, 2024   03:14 pm

දකුණු කොරියාවේ ලිතියම් බැටරි කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් 16 දෙනෙක් මියගොස් 5 දෙනෙක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා තිබේ.

සෝල් අගනුවරට ආසන්න Hwaseong නම් ප්‍රදේශයේ පිහිටි "Aricell"  කර්මාන්ත ශාලාවේ එම ගින්න අද (24) උදෑසන ඇතිවිය.

එහි ගබඩාවක තිබූ බැටරි සෙල් පුපුරා ගොස් ඇති අතර එම පිපිරීමට හේතුව අනාවරණය වී නොමැත.