දිල්ලි ගුවන්තොටුපොළේ විශාල අනතුරක් 

දිල්ලි ගුවන්තොටුපොළේ විශාල අනතුරක් 

June 28, 2024   10:53 am

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ.

දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පැවසුවේ ඉන් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

සිකුරාදා උදෑසන ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් කඩා වැටුණි.

ඉන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සි රථ කිහිපයකට හානිවී තිබුණි.

එම සිදුවීමෙන් පසු පළමු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇත.

මේ වනවිට සහන කණ්ඩායම් අනතුරට ලක්වූ තවත් අය සිටීදැයි සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.