බස් ගාස්තු වෙනසට කුමක් වෙයිද ?

බස් ගාස්තු වෙනසට කුමක් වෙයිද ?

June 30, 2024   07:23 pm

හෙට (01) සිට බස් ගාස්තු සියයට 5කින් අඩුවන බවට ප්‍රකාශ කළ ද එය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අද දිනයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය ද සලකා බලා බස් ගාස්තු සංශෝධනය කිරීමට ගමනාගමන කොමිසම සැලසුම් කරමින් සිටින බවයි. 

මේ අතර ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ගාස්තු සංශෝධනය හෙට (01) ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පවසයි. 

සෑම වසරකම ජුලි පළමුවනදා වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු අතර ඒ අනුව හෙට පස්වරු 1.00ට පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී ඒ සම්බන්ධයෙන් වන නිවේදනය ඉදිරිපත් කරන බව ශෂී වෙල්ගම මහතා පැවසීය.