බීමත් රියදුරා දුම්රිය නවතා බැස පළායයි

බීමත් රියදුරා දුම්රිය නවතා බැස පළායයි

June 30, 2024   05:22 pm

අද (30) කොළඹ සිට මහනුවර බලා පෙව 10.40ට ධාවනය ආරම්භ වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වෙයි.

ඔහු දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පළායද්දී දුම්රියේ සිටි මගීන් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන සහායක රියදුරා යොදවා දුම්රිය නුවර දුම්රිය ස්ථානයට තෙක් ධාවනය කර තිබේ.

පසුව එම බීමත් රියදුරාව දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට පියවර ගනු ලැබීය.

මෙම දුම්රිය මහනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ පව 1.40ටය.  එහෙත් දුම්රිය පැමිණියේ සවස 2.30ට බව මගීන් පැවසීය.