වෝනර් යයි ෆ්‍රේසර් එයි 

වෝනර් යයි ෆ්‍රේසර් එයි 

June 28, 2024   12:28 pm

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරුවා වූ ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී තිබේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයෙන් එළියට යෑමත් සමගම වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.

ඔහු ඒ බව ලෝක කුසලාන තරගාවලියට පෙර පවසා තිබුණි.  

තමාගෙන් හිස් වන ස්ථානය සඳහා සුදුසුම පිතිකරුවා 22 හැවිරිදි ජේක් ෆ්‍රේසර් මැගර්ක් බව වෝනර් පවසයි. ඔහු පවසන්නේ එක්දින, 20යි විස්ස පමණක් නොව ටෙස්ට් තරග සඳහා ද මැගර්ක් ඉතා යෝග්‍ය පිතිකරුවෙක් බවයි.

සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සටහනක් තබමින් වෝනර්, ජේක් ෆ්‍රේසර් මැගර්ක් සම්බන්ධයෙන් පවසා ඇත්තේ 'All yours now champion' යනුවෙනි.

පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් වෝනර් සහ ජේක් ෆ්‍රේසර් මැගර්ක් ක්‍රීඩා කළ අතර එහිදී සිය තරුණ සගයාට ගුරුහරුකම් ලබාදීමට වෝනර් අමතක නොකළේය.