බ්‍රිතාන්‍ය මැතිවරණ සටනට  AI අපේක්ෂකයෙක්

බ්‍රිතාන්‍ය මැතිවරණ සටනට AI අපේක්ෂකයෙක්

June 22, 2024   01:16 pm

විප්ලවීය AI තාක්ෂණය එනම් කෘත්‍රීම බුද්ධි තාක්ෂණය දැන් ලෝකය ආක්‍රමණය කර අවසන්ය.

එළැඹෙන ජූලි 4 වනදා ට යෙදී ඇති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයට සමගාමීව නැවතත් AI තාක්ෂණය සම්බන්ධව වැඩි අවධානයක් යොමුවී තිබේ.

ඒ මෙවර බ්‍රිතාන්‍ය මැතිවරණයට ඉදිරිපත්ව ඇති කෘත්‍රීම බුද්ධි තාක්ෂණයෙන් නිපදවූ අරුම පුදුම අපේක්ෂකයා හේතුවෙනි.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්වන 59 හැවිරිදි අපේක්ෂක ස්ටීව් එන්ඩකොට් සිය මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ AI ස්ටීව් නම් කෘත්‍රීම බුද්ධි චරිතය පාදක කරගෙනය.

ඔහු AI ස්ටීව්ගේ ආකෘතියක් රැගෙන සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ආකාරය දැකගත හැකිය.

AI ස්ටීව් සමරිසි අයිතීන් පිළිබඳව මෙන්ම නිවාස මිලදීගැනීමේ දී ඇතිවන ගැටලු වෙනුවෙන් පවා පෙනී සිටියි.

එමෙන්ම AI ස්ටීව් අමතා අනාගත දේශපාලන ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ අදහස් පළ කිරීමේ අවස්ථාව ද ජනතාවට ලබා දී තිබේ.

ස්ටීව් එන්ඩකොට් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින අතර ඊට තවත් AI අපේක්ෂකයින් බඳවාගැනීම ඔහුගේ අපේක්ෂාව බව සඳහන් වේ.

යම් හෙයකින් ස්ටීව් මෙවර මැතිවරණය ජයගතහොත් ඔහු ලොව පළමු AI නීති සම්පාදකයා බවට පත්වීමේ අවස්ථාවක් පවතී.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය මැතිවරණ කොමිසම පවසන්නේ, AI ස්ටීව් මැතිවරණය ජයගත්තත් එම අසුන හිමිවන්නේ ස්ටීව් එන්ඩකොට් ට මිස AI ස්ටීව් ට නොවන බවය.