පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය ගැන තීරණයක් ?

පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය ගැන තීරණයක් ?

June 17, 2024   03:57 pm

තමා තවදුරටත් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කිරීම හෝ නොකිරීම පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු තීරණයක් බව බාබර් අසාම් පවසයි.

පාකිස්තාන කණ්ඩායමට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවීමත් සමග කණ්ඩායම් නායකත්වය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සඳහන් කර ඇත්තේ තරගාවලිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවය.

කණ්ඩායමක් ලෙස මෙවර තරගාවලියේ දී හොඳින් ක්‍රීඩා නොකළ බව ප්‍රකාශ කර ඇති බාබර් අසාම්, තරග පරාජය එක් පුද්ගලයෙකුගේ වරදක් නොවන බව ද පෙන්වා දී තිබේ.