ග්‍රාම නිලධාරීන් යළිත් වර්ජන ක්‍රියාමාර්ගයකට

ග්‍රාම නිලධාරීන් යළිත් වර්ජන ක්‍රියාමාර්ගයකට

June 26, 2024   03:50 pm

ග්‍රාම නිලධාරීන් හෙට (27) සහ අනිද්දා (28) සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

එහි සභාපති නන්දන රණසිංහ මහතා පවසා සිටියේ, ඔවුන් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අකුරුට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට අමතරව මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගෙන ඇති බවය.

ඔවුන් රජයට බල කරමින් ඉල්ලා සිටින්නේ තම සේවා ව්‍යවස්ථාව සම්පාදනය කරදෙන ලෙසත් 2016යෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව හෝ ඉන්ධන දීමනාව හෝ කුමක් හෝ දීමනාවක් වැඩි කර දෙන ලෙසය.

මෙම දීමනා කිසිවක් අයවැය වෙනතුරු ලබාදීමට නොහැකිනම් යම් දීමනාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.