ගුරු-විදුහල්පති වර්ජනය හෙටත්

ගුරු-විදුහල්පති වර්ජනය හෙටත්

June 26, 2024   02:58 pm

කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට (27) ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමඟාමීව ගුරු - විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළේය.

එහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබිණි.