රුපියල් කෝටි 18ක රත්‍රන් ජෙල්
June 26, 2024 04:05 pm
රුපියල් කෝටි 18ක් පමණ වටිනා රත්‍රන් ජෙල්, ගුලි වශයෙන් සකස්කර ඒවා තම ගුද මාර්ගයේ සහ ගමන් මලු තුළ සඟවා ගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.
කල්මුණේ, මූතූර්, කොළඹ-10, කලගෙඩිහේන සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30ත් 50ත් අතර පසුවන සැකකරුවන් නිතර නිතර ගුවන් ගමන්වල නිරත වන පුද්ගලයන් බව රේගුව පැවසීය.
මොවුන් ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ එතැන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම පුද්ගලයන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර (Scan Test) පරීක්ෂා කිරීම් වලට යොමු කිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනිණි.