පාකිස්තානයේ පියෙකු දියණියව මහල්ලෙකුට විකුණයි
සයුරෙන් එතෙර

පාකිස්තානයේ පියෙකු දියණියව මහල්ලෙකුට විකුණයි

June 16, 2024   04:38 pm

පාකිස්තානයේ 12 හැවිරිදි දැරියක් 72 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කර දීමට යෑමේදී පොලීසිය මනමාලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ දැරියගේ පියා විසින් ඇයව පාකිස්තාන මුදලින් ලක්ෂ 5ක මුදලකට අදාළ මහළු පුද්ගලයාට විකිණීමට කටයුතු කර ඇති බවය.

එහෙත් දැරියගේ පියා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

විදෙස් මාධ්‍ය පවසන්නේ පාකිස්තානයේ මෙවැනි සිද්ධීන් දිගින් දිගටම වාර්තා වන බවය.