සමරිසි නීති සංශෝධනයට මාලිමාව පක්ෂයි

සමරිසි නීති සංශෝධනයට මාලිමාව පක්ෂයි

June 25, 2024   06:49 pm

සමරිසි ලිංගික ඇසුර දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදක් නොවන ලෙස සංශෝධනය කිරීම සඳහා ප්‍රේම්නාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා ගෙනආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ජාතික ජන බලවේගය සහයෝගය පළ කරන බව ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. 

දෙරණ 360 දේශපාලන සංවාදාත්මක වැඩසටහනේදී LGBTQ ප්‍රජාව පිළිබඳ සිය පක්ෂයේ මතය පැහැදිලි කරමින් ඇය මේ බව සඳහන් කළාය.