අමෙරිකාවේ වෙඩිතැබීමක්

අමෙරිකාවේ වෙඩිතැබීමක්

June 16, 2024   04:24 pm

අමෙරිකාවේ මිචිගන්හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

වෙඩිතැබීම සිදුවී තිබුණේ විනෝද උද්‍යානයක් තුළදීය.

තුවාල ලැබූ පිරිසට ළමයින් දෙදෙනෙකු ද අයත්වන අතර ඒ අතරින් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

උද්‍යානය අසල පිහිටි නිවසක සැඟව සිටියදී වෙඩික්කරුද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වෙයි.

වෙඩික්කරු තුවක්කු දෙකක් භාවිතයෙන් වෙඩිතැබීම සිදුකළ බවට සිදුවීම ඇසින් දුටුවෙකු පවසා ඇතත් එය මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැත.

ඔහු වයස අවුරුදු 42ක පමණ වන පුද්ගලයෙකු බව හෙළිවී තිබේ.