මුහුදු වෙරළක් කළු වෙයි

මුහුදු වෙරළක් කළු වෙයි

June 16, 2024   03:01 pm

සිංගප්පූරුවේ සැනටෝසා දූපත් වෙරළ තීරය කළු පැහැ වී තිබෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට හේතුවී තිබුණේ, සිංගප්පූරුවේ තෙල් පර්යන්තයක සිදුවූ තෙල් කාන්දුවක්.

වෙරළ තීරය පිරිසිදු කිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමටත් බලධාරීන් පියවර ගත්තා.