සංගීත ප්‍රසංගයක් මැද තරුණයෙකුගේ ගෙල කපයි

සංගීත ප්‍රසංගයක් මැද තරුණයෙකුගේ ගෙල කපයි

June 16, 2024   11:33 am

සංගීත ප්‍රසංගයකදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් ගෙල කපා තරුණයෙකු ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනය කර ඇත්තේ දොඩංගොඩ ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයෙකි.

සැකකරු ප්‍රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇති අතර, ඇය ඔහුව අත්හැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බව වාර්තා වෙයි.  

ඇය කළුතර ගමගොඩ ප්‍රදේශයේ කුමුදු ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ තිබුණි.

එහිදී ඇය සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමග නර්තනයේ යෙදී සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී උරන වූ සැකකරු නර්තනයේදී යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බව සඳහන් ය.