BMICH ළඟ සැකකටයුතු මරණයක්

BMICH ළඟ සැකකටයුතු මරණයක්

June 25, 2024   07:44 am

කුරුඳුවත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

ඊයේ (24) අලුයම් කාලයේදී එම සිරුර සොයාගෙන තිබුණේ කුරුඳුවත්ත පොලීසියට ලද පණිවුඩයකට අනුවය.

මරණකරු රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මෘත ශරීරය ඥාතීන් වෙත භාරදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර පොල්පිතගම පොලිස් වසමේ නියදවනය ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී සැකකටයුතු ලෙස මියගෝ පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලස මියගොස් ඇත්තේ, මල්අස්න, පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු මාසයකට පමණ පෙර සිට ඇතුරුදන්ව සිට ඇති අතර මීමැස්මොරය රෝගය සඳහා ප්‍රතිකාර ලබාගන්න අයෙකු බවටත් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.