ලෝක බැංකුවෙන් ඩොලර් මල්ලක්

ලෝක බැංකුවෙන් ඩොලර් මල්ලක්

June 25, 2024   08:53 am

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබේ.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

සියලුම පුරවැසියන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සහතික කරමින් රටේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට රජයේ ඇති කැපවීම මෙමඟින් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කැපීපෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති බවත්, ඉදිරියේ එන අභියෝග ජය ගැනීම අවශ්‍ය ශක්තිය ලබා දිය යුතු බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ අධ්‍යක්ෂ Faris Hadad-Zervos සඳහන් කරයි. 

ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 80%කටම හේතුවන වන බෝ නොවන රෝග ඵලදායී ලෙස පාලනය කිරීම සේම දකුණු ආසියාවේ වයස්ගත ජනගහනයක් සිටින රටක් වන ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ වර්ධනය වන සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහා මෙම මූල්‍ය පහසුකම වෙන් තිබේ.