දියේ ගිලී පුද්ගලයෙක් මරුට

දියේ ගිලී පුද්ගලයෙක් මරුට

June 16, 2024   08:54 am

පානම මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (15) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, කල්මුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු පානම මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියේදී දියේ ගිලෙමින් සිට ඇත.

එහිදී ප්‍රදේශවාසීන් විසින් ඔහුව ගොඩට ගෙන පානම රෝහලට ඇතුළු කිරීමේදී මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.