දැරියක් දූෂණය කළ සිද්ධියේ 08දෙනා රිමාන්ඩ්

දැරියක් දූෂණය කළ සිද්ධියේ 08දෙනා රිමාන්ඩ්

June 24, 2024   03:29 pm

හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයින් 08දෙනා එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද (24) හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කර තිබුණි.

හංවැල්ල පොලීසිය මගින් අදාළ සැකකරුවන් දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනුකර තිබුණි.