පාසල් කටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් කටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

June 24, 2024   03:58 pm

පාසල්වල සිටින අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

ඒ අනුව පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවීම සඳහා පාසල් ප්‍රජාව සමග එක්ව, පාසල්වල කටයුතු කළමනාකරණය කරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙසය.

සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත එම දැනුම්දීම සිදුකර ඇත.

මේ අතර දිවයින පුරා පිහිටි පාසල්, විද්‍යාපීඨ, අධ්‍යාපන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ප්‍රජාව සහ භෞතික සම්පත් ආරක්ෂාව සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.  

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඒ බව ඉල්ලා තිබේ.

වැඩි විස්තර පහතින්,