බැකෝ යන්ත්‍රයක් රියදුරු සමග පෙරළෙයි

බැකෝ යන්ත්‍රයක් රියදුරු සමග පෙරළෙයි

June 24, 2024   04:14 pm

බැකෝ යන්ත්‍රයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් බැකෝ යන්ත්‍රයේ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඊයේ (23) පස්වරුවේ බලංගොඩ මැද්දේ කන්ද ප්‍රදේශයේදී එම අනතුර සිදුවී ඇත.

අදාළ බැකෝ යන්ත්‍රය ලොරියකට පටවා පිටත් වූ අවස්ථාවේ කන්දක් සහිත මාර්ගයක ලොරිය පසූ පස්සට ධාවනය වී තිබුණි.

එහිදී ලොරි රථයට පටවා තිබූ බැකෝ යන්ත්‍රය රියදුරු සමග ලිස්සා ගොස් පෙරළී එම අනතුර සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධව බලංගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.