ඇෆ්ගනිස්තානයට දරුණු ජලගැලීම්

ඇෆ්ගනිස්තානයට දරුණු ජලගැලීම්

May 11, 2024   01:56 pm

උතුරු ඇෆ්ගනිස්තානයට ඊයේ (10) බලපෑ ජලගැලීම් ආපදාවලින් 50කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් වැඩිම බලපෑම් එල්ලවූයේ ධාරාණිපාත වැසි ඇදහැලුණු බග්ලාන් කලාපයටය.

ජල ගැලීම්වලට කොටුවූ තවත් 150කට වැඩි පිරිසක් උදව් අපේක්ෂාවෙන් පසුවන බැවින් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ වී තිබේ.

කෙසේ නමුත් පවතින අයහපත් තත්ත්වය හමුවේ මෙහෙයුම් අසීරු වී ඇති බව වාර්තා වෙයි.