ඉන්දියාව ගැන අනාවැකියක්
සයුරෙන් එතෙර

ඉන්දියාව ගැන අනාවැකියක්

April 17, 2024   07:48 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉන්දියාව සම්බන්ධයෙන් පුරෝකථනයක් සිදුකර තිබේ.

එම අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන ක්‍රිෂ්ණමූර්ති වී සුබ්‍රමනියම් පවසා ඇත්තේ කොවිඩ් -19 වසංගතයේ සිට ඉන්දියාව සියයට 7කට වැඩි ස්ථාවර වර්ධනයක් අත් කරගෙන ඇති බවය.

ඒ අනුව මෙම වසරේ සිව්වන කාර්තුවේදී ඉන්දියාව සියයට 8ක වර්ධනයක් අත්කර ගනු ඇතැයි අනාවැකියක් පළ කර තිබේ.

වර්තමාන ගෝලීය ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගත් කළ එය සාර්ථක වර්ධනයක් බව ක්‍රිෂ්ණමූර්ති වී සුබ්‍රමනියම් පවසයි.

ඒ අනුව ඉන්දියාව අනාගතයේදී ගෝලීය ආර්ථික වර්ධනයට උපරිම දායකත්වයක් දක්වනු ඇතැයි ඔහු පවසා තිබේ.