සයුරෙන් එතෙර
නැගෙනහිර ලන්ඩනයේ හදිසි තත්ත්වයක්
April 30, 2024 02:32 pm
කඩුවකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නැගෙනහිර ලන්ඩනයේ කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි.
ඉන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් ය.
මේ හේතුවෙන් Hainault දුම්රිය ස්ථානය වසා දමා තිබේ.
තුවාල ලැබුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද වෙයි.