හූති කැරළිකරුවන් නැවතත් ත්‍රාසය පතුරුවයි

හූති කැරළිකරුවන් නැවතත් ත්‍රාසය පතුරුවයි

April 30, 2024   01:41 pm

ඉන්දීය සාගරයේ සහ රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකා හතරකට යේමනයේ හූති කැරළිකරුවන් විසින් ප්‍රහාර එල්ලකොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය සාගරයේ යාත්‍රා කරමින් තිබූ MSC Orion නම් බහාලුම් ප්‍රවාහන නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

හූති කැරළිකරුවන් පවසන්නේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර සඳහා ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය හා සම්බන්ධතා ඇති යාත්‍රා සඳහා ඔවුන් ප්‍රහාර එල්ල කරන බවයි.     

එම යාත්‍රාවේ ලියාපදිංචි හිමිකරු වන්නේ  Zodiac Maritime නම් සමාගමකි. Eyal Ofer නම් ඊශ්‍රායල ව්‍යාපාරිකයාට එහි කොටස් හිමි ය.

රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ Cyclades නම් වෙළෙඳ නැවකට සහ අමෙරිකානු නාවික හමුදා යාත්‍රා දෙකකට ප්‍රහාර එල්ලකළ බව හූති කැරළිකරුවන් අද පැවසීය.