නිවසක් තුළ පිළිස්සුණු මළසිරුරක්

නිවසක් තුළ පිළිස්සුණු මළසිරුරක්

April 17, 2024   04:49 pm

නිවසක් තුළ ඇඳක් මත ගින්නකට හසුවී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (17) පෙරවරුවේ සොයාගෙන තිබේ.

ඒ, උඩවලව කොළඹගේ ආර ප්‍රදේශයේ නිවසක් තුළදීය.

මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

අදාළ නිවස ආසන්නේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන ඔහුගේ බිරිඳ සමග අද අලුයම් කාලයේදී ආරවුලක් ඇති කරගැනීමෙන් අනතුරුව ඔහු නිවසට පැමිණ සිරුරට ගිනි තබාගෙන ඇති බවට බිරිඳ පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩවලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.