පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

April 30, 2024   01:12 pm

මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දීමෙන් වළකින ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඒ බව සඳහන් කළේය.

සිඟමන් යදින පිරිස් සඳහා මුදල් ලබාදීමෙන් වැළැකී සිටියහොත් ඔවුන් එම ස්ථානයන් වෙත නොපැමිණෙන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් දැක්වූ අදහස් ඉහත වීඩියෝවෙන් නරඹන්න...