සංගීත කණ්ඩායමක් රැගත් වෑන් රථයක් ඇළකට පෙරළෙයි

සංගීත කණ්ඩායමක් රැගත් වෑන් රථයක් ඇළකට පෙරළෙයි

April 17, 2024   03:28 pm

සංගීත කණ්ඩායමක් රැගෙන ගමන්කරමින් තිබූ වෑන් රථයක් ඇළකට පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.

පොළොන්නරුව ඉෆෙක්ට් සංගීත කණ්ඩායම රැගෙන ගමන්කරමින් තිබූ වෑන් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුව ඇත්තේ පොළොන්නරුව ඕනෑගම ප්‍රදේශයේදීය.

අනතුරින් සංගීත කණ්ඩායමේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර වෑන් රථයට හානි සිදුව ඇත.

එම සංගීත කණ්ඩායමේම ශිල්පියෙක් වෑන් රථය පදවා ඇති අතර ප්‍රසංග රැසකට සහභාගී වී සිටීම හේතුවෙන් ඇතිවූ දැඩි වෙහෙස සමග ඔහුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව පොළොන්නරුව ඉෆෙක්ට් සංගීත කණ්ඩායම අද දෙරණට පැවසීය.

පොළොන්නරුව ඕනෑගම මැදමළුව ප්‍රදේශයේ ප්‍රසංගයක් නිමාකර පැමිණමින් සිටියදී අද අලුයම ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත.