පාතාලයේ රුපියල් කෝටි 10ක වත්කම් පොලිස් භාරයට

පාතාලයේ රුපියල් කෝටි 10ක වත්කම් පොලිස් භාරයට

March 29, 2024   01:17 pm

ගාල්ල, අම්බලන්ගොඩ සහ අහුන්ගල්ල යන ප්‍රදේශවලදී පාතාල සැකකරුවන්ට අයත් බවට පැවසෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් දේපොළ පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ඒ් අතරට බහුදින ධීවර යාත්‍රා 02ක්, ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ ඉඩම් අයත් බවය.

යුක්තිය මෙහෙයුම යටතේ මෙම විමර්ශන සිදු කෙරෙයි.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති වාහන සහ දේපොළ පහත පරිදි වෙයි, 

  1. රුපියල් ලක්ෂ 65ක් පමණ වටින ලොරි රථයක්
  2.  රුපියල් ලක්ෂ 05ක් පමණ වටින යතුරුපැදියක් 
  3. රුපියල් ලක්ෂ 100ක් පමණ වටින බැකෝ යන්ත්‍රයක්
  4. රුපියල් ලක්ෂ 110ක් පමණ වටින බහුදින ධීවර යාත්‍රාවක්
  5. රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා යතුරුපැදියක්
  6. රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා සුඛෝපභෝගී වැන් රථයක්
  7. රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක්
  8. රුපියල් ලක්ෂ 07ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක්
  9. රුපියල් ලක්ෂ 530ක් පමණ වටිනා දේපොළ (නිවාස -03ක් , කඩ කාමරයක්, ඉඩම් 05ක්)
  10. රුපියල් ලක්ෂ 150ක් පමණ වටිනා බහුදින ධීවර යාත්‍රාවක්
  11. රුපියල් ලක්ෂ 52ක් පමණ වටිනා නිෂ්පාදනය කරමින් පැවැති බහුදින ධීවර යාත්‍රාවක්
  12. රුපියල් ලක්ෂ 210ක් පමණ වටිනා ඉඩම් 02ක්